ඇමෙරකානු ඩොලර් බිලියන ගණනක් වටිනා සහ වසර 30ක කාලයක් පුරා දිවෙන ගෑස් වායූන් සම්බන්ධයෙන් වූ අති දැවැන්ත ගිවිසුමක් චීනය සමග අත්සන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රුසියාවේ ගෑස්ප්රොම් සහ චීනයේ නැෂනල් පෙට්ට්‍රෝලියම් කෝපරේෂන් අතර මෙම ගිවිසුම අත්සන් කෙරී ඇති බව කියැවෙයි.
යුක්රේනය සම්බන්ධ සිදුවීම හේතු කරගෙන යුරෝපය සහ ඇමෙරිකාව විසින් තවදුරටත් රුසියාව වෙත සම්බාධක දමන වටපිටාවක එරට ගෑස් සම්පත වෙනුවෙන් විකල්ප වෙළෙඳ පොළ සොයමින් සිටි රුසියාවට චීනයේ සහයෝගය බටහිරටද කනේ පහරක් බව විචාරකයෝ පෙන්වා දෙති.
මෙම ගිවිසුම වෙනුවෙන් වූ වටිනාකම පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් කර නොතිබුණත්, එය ඇ.ඩො.බිලියන 400ක පමණ වටිනාකමකින් යුතු ගනුදෙනුවක් බව කියැවෙයි.
මේ සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූටින් පවසා ඇත්තේ එම වටිනාකම ගිවිසුමේ පාර්ශ්වයන් දෙකටම සාධාරණ අගයක් බවයි.