බ්‍රිතාන්‍යයෙ සාලීස්බරි හිදී රුසියනු හිටපු රහස් ඔත්තුකරුවෙකුට විෂ ශරීරගත කිරීමක් සිදුකළේ යැයි පවසමින් රුසියාව සම්බන්ධයෙන් බොරු ප්‍රවෘත්තියක් මවා, බ්‍රිතාන්‍ය ගින්දරත් සමග සෙල්ලම් කරමින් සිටින බවට රුසියාව චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයේදී මොස්කව් නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ තානාපති වාසිලී නෙබෙන්සියා පවසන්නේ බ්‍රිතාන්‍යයේ එකම ඉලක්කය පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් රුසියාව අපකීර්තියට පත්කිරීම සහ රුසියාවේ නිශේධ බලයට අභියෝග කිරීම බවයි.
එම විෂ ප්‍රහාරයේ වගකීම රුසියාව දැරිය යුතු බවට පවසමින් රුසියානු රාජතාන්ත්‍රිකයන් රටවලින් පිටුවහල් කිරීමටද බ්‍රිතාන්‍ය කටයුතු කරද්දී රුසියාව එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඕනෑම සියුම් පරීක්ෂාවකට ලක්වීමට බ්‍රිතාන්‍ය නොබියව මුහුණදෙන බව ආරක්ෂක මණ්ඩලයේ බ්‍රිතාන්‍ය නියෝජිතවරිය වන කැරෙන් පියර්ස් පවසා සිටියාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට මැදිහත් වීමට රුසියාව කළ ඉල්ලීම ගෙවල් ගිනි තබන්නෙකු තමාගේම ගින්න පරීක්ෂා කිරීමට කළ ඉල්ලීමක් වැනි යැයි ඇය වැඩිදුරටත් පවසා සිටියාය.