රුසියාව විසින් ඇමෙරිකාවේ අගනාකම් හෝ ජාත්‍යන්තර නියමයන් බැහැර කරන්නේ නම් අභිනවයෙන් පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිව නැගී සිටිනු ඇතැයි තමා විශ්වාස කරන බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පවසයි.
සිය අවසන් විදෙස් සංචාරය නිරතව සිටින ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ජර්මනියේ බර්ලින් නුවරදී එරට චාන්සල් ඇන්ජෙලා මර්කල් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.
සැබෑ දේශපාලන ප්‍රවාහයේදී අභිනව ජනාධිපතිවරයා මෙම තත්ත්වයන් සුළුවෙන් තකනු ඇතැයි තමා විශ්වාස නොකරන බවද ඔබාමා පවසා ඇත.
කෙසේ වෙතත්, නේටෝ සන්ධානය සමග දිගින් දිගටම කටයුතු කරන ලෙසට අභිනව ජනාධිපතිවරයා තවදුරටත් දිරිගන්වන බවද ඔබාමා පවසා තිබේ.
දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත යුතු බවත්, එමෙන්ම, ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර පවතින සම්බන්ධතාවයේද වඩා වර්ධනයක් අපේක්ෂා කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදී දෙරටේම නායකයන් පවසා ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව වර්ෂ 2008 වසරේදී ජර්මනියේ බර්ලීන් නුවරට පැමිණි බරැක් ඔබාමා එවකට රොක් තරුවක් ලෙසින් පිළිගැනුණි. දස දහස් ගණන් ජර්මානු වැසියන් පෙළ ගැසී මෙම කළු ජාතික නව නායකයාගේ දැක්මට ඔල්වරසන් දුන් අතර, ඔහුගේ කතාවද උද්යෝගී ජනතාව කුල්මත් කරන්නක් වී තිබුණි.
නමුදු, වසර 08ක් ගෙවී ඔබාමා සිය ජනාධිපති ධුරයට සමුදීමට මාස දෙකක කාලයක් තිබියදී යළි බර්ලීනයට පැමිණි බරැක් ඔබාමා පිළිගැනීමට සිටියේ ඉතා සුළු පිරිසක් බව විදෙස් මාධ්‍ය පවසා සිටියි.