රුසියානු හෙලිකොප්ටර් යානා 200ක් ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීම සඳහා දෙරටේ නායකයන් එකඟත්වයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෝවියට පාලන සමයේ දෙරට අතර පැවති ඉතා සමීප සම්බන්ධතාවයෙන් පසුව ඉන්දියාව හා රුසියාව විසින් ආරක්ෂක ක්ෂේත්රයේ මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්පිරූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකෙයි.
මෙය ඉන්දියාව සිය ආරක්ෂක බලය නවීන තාක්ෂණයෙන් සන්නන්ධ කිරීම සඳහා සිදුකරන දැවැන්ත ආයෝජනයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම, රුසියාව සතුව දැනට ඇති ප්රබලතම ගුවන් ආරක්ෂක පද්ධතියක් වන S-400 මිසයිල පද්ධතියක් ඉන්දියාව වෙත ලබාදීමද මෙම එකඟතාව අනුව සිදුවීමට නියමිත බව පැවසෙයි.
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් යුතුව ගෝවේ හිදී පැවැත්වෙන BRICS සමුළුවද රුසියාව හා ඉන්දියාව අතර සබඳතා තවදුරටත් පුළුල් වන අවස්ථාවක් ලෙස සැලකෙන අතර, එහිදී වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්රයන් වැඩි වශයෙන් සලකා බැලෙනු ඇත.