යුක්රේනයේ සටන් වදින රුසියානු හිතවාදීන් සමග ඒකපාර්ශ්වීයව ප්රකාශයට පත්කළ සටන් විරාමය තවත් දින තුනකින් දීර්ඝ කිරීමට යුක්රේන ජනාධිපති පේට්රෝ පොරොෂෙන්කෝ තීරණය කර තිබේ.
තම සාම වැඩපිළිවෙළේ සාර්ථක ප්රතිඵලයක් අපේක්ෂාවෙන් එසේ ක්රියා කළ බව හෙතෙම පවසයි.
මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක හා ලුහාන්ක්ස් ප්රදේශවල ඇතැම් රුසියානු හිතවාදී නායකයන් එම සටන් විරාමයට අවනත වී කටයුතු කළත්, තවත් පිරිසක් එය ගණනකට නොගෙන සටන් වදින බව කැරලිකරුවන් විසින්ම පවසා තිබේ.
යුක්රේන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙන යුරෝපා සංගමය සමග ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනාධිපතිවරයා මෙම සටන් විරාම නිවේදනය සිදුකරන ලදී.
නමුත්, ඇතැම් අය පවසන්නේ මෙම ගිවිසුම වත්මන් තත්ත්වය තවත් වියවුලක් බවට පත්කළ හැකි තත්ත්වයක් බවයි.
මන්දයත්, එම ගිවිසුම සම්බන්ධයෙන් දැනටමත් රුසියාව බලවත් විරෝධතාවක් ගෙනහැර දක්වන නිසාවෙනි.
මේ නිසා යුක්රේන ජනාධිපතිවරයා එය ඓතිහාසික මොහොතක් ලෙස සඳහන් කළත් රුසියාවට අනුව යුක්රේනය දෙකඩ වන ගිවිසුමකි.