යුක්රේනයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළීමට රුසියානු හිතවාදී කැරලිකරුවන් සමත්ව ඇති බව වාර්තා වෙයි. මෙම ප්‍රහාරයෙන් ගුවන්යානයේ සේවය කළ යුක්රේන කාර්ය මණ්ඩලයේ 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි 11-77 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානය ලුහාන්ස්ක් පළාතේදී ප්‍රති-ගුවන්යානා නාශක ප්‍රහාරයකට හසුවීමෙන් මෙසේ කඩා වැටී තිබේ.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදින් නින්දාශීලී හා ද්‍රෝහි අයුරින් ගුවන් යානය වෙත ප්‍රහාර දියත් කළ බවයි.
හමුදාව සහ හමුදා උපකරණ රැගෙන යමින් සිටි යානය නගරයේ ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී මෙසේ ප්‍රති-ගුවන්යානා නාශක ප්‍රහාරයකට ලක්ව තිබේ.
නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා කිව් පාලනය ආරම්භ කළ මෙහෙයුමේදී එක් අවස්ථාවක අහිමි වූ විශාලතම භට පිරිස මෙය වෙයි.