රුසියානු ප්‍රහාරක යානයක් පසුගියදා ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව තුර්කි ජනාධිපතිවරයා පවසා තිබේ.
තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කිරීමත්, ඉන් ඉවත්වන ලෙස පැවසූ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමත් හේතුවෙන් රුසියානු යානයට ප්‍රහාරයක් එල්ල කළ බව තුර්කිය මීට පෙර පැවසීය.
කෙසේ වෙතත් තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගාන් පවසන්නේ මෙවැන්නක් සිදු නොවී තිබුණානම් හොඳ බවය. එමෙන්ම, එවැන්නක් ඉදිරියේදී සිදු නොවනු ඇති බවද ඔහු විශ්වාස කරයි.
කෙසේ වෙතත්, ගින්දරත් සමග සෙල්ලම් එපා යැයි රුසියාවට මීට පෙර තුර්කි ජනාධිපතිවරයා විසින් සිදුකර තිබූ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඔහු මෙතෙක් සමාව ඉල්ලීමක් හෝ සිදු නොකර ඇති බවද කියැවෙයි.
මේ අතර, විදෙස් රාජ්‍යයන් මෙම දෙපාර්ශ්වය සාමදාන කිරීම සඳහා දැඩි උත්සාහයකද නිරත වී තිබූ අතර, තමන් රුසියානු නායකයන් හමුවීමට කැමති බවද තුර්කි ජනාධිපතිවරයා පසුව පවසා තිබුණි.