රුසියාවේ ගුවන්යානා හාරක අද්මිරාල් කස්නෙට්සොව් නෞකාව වෙත ගොඩබෑමට ගිය මිග්-29 ප්‍රහාරක යානයක් අනතුරට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, අනතුරට පෙර යානයේ නියමුවා ගුවන් යානයෙන් නික්මී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි සටනේ නිරත රුසියානු යාත්‍රා බලගණයේ ප්රබලතම ප්‍රහාරක නෞකාවක් ලෙස අද්මිරාල් කස්නෙට්සොව් සැලකෙයි.
පුහුණු යානාවක වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
නෞකාවට කිලෝ මීටර් කිහිපයක් දුර තිබියදී යානය සාගරයට කඩා වැටී ඇති අතර, මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඉන් ඉවතට පැමිණි නියමුවා බේරාගෙන තිබේ.
මෙම ප්‍රහාරක යානා සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිවිල් වැසියන් වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාව විසින් මෙහෙයවන බවට නේටෝව චෝදනා කරයි.