යුක්රේනයේ අන්තර්වාර ජනාධිපති ඔලෙක්සැන්ඩර් ටර්ච්නොව් එරට හමුදාවන්ට ක්රිමියාවෙන් ඉවත්වන ලෙස විධානයක් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ක්රිමියාවේ දැනටමත් රැඳී සිටින යුක්රේන හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්ට රුසියානු හමුදාවන්ගෙන් එල්ලවන තර්ජන හමුවේ මේ ආකාරයෙන් තම හමුදා ක්රිමියාවෙන් ඉවත් කරගැනීමට තීරණය කළ බව ජනාධිපතිවරයා පැවසීය.
මේ වනවිටත් ක්රිමියා අර්ධද්වීපයේ වූ යුක්රේන හමුදා කඳවුරු රැසක් රුසියානු හමුදාවන් විසින් අත්පත් කරගෙන තිබේ. ඒ අතර, ක්රිමියාවේ ප්රමුඛ නාවුක කඳවුරක් වූ ෆියෝඩෝසියාවද වෙයි.
මේ සියලු සිදුවීම්වලට පෙර ක්රිමියාව රුසියාව සමග සම්බන්ධ කරන්නේද, නැද්ද යන්න විමසමින් එරට පැවති ජනමත විචාරණයෙන් පසුව, ක්රිමියාව රුසියාවට බද්ධ කිරීමේ ගිවිසුම්ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් ක්රිමියා බලධාරීහු සමග අත්සන් කළහ.
එමෙන්ම, ක්රිමියාව රුසියාවේම කොටසක් බවට තහවුරු කෙරෙන නීති සම්පාදනය කළේය.