සිරියාවේ ක්‍රියාත්මක මෙහෙයුම්වලට සහාය දැක්වීම සඳහා රුසියාවේ ගුවන්යානා හාරක නෞකාව ප්රමුඛ නෞකා බලඇණිය උතුරු අප්‍රිකාව ආශ්‍රිතව සිය නෞකාවලට අවශ්‍ය ඉන්ධන ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම නෞකාවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා ස්පාඤ්ඤ වරායක් වෙත යෑමට මුලින් තීරණය වී තිබුණත්, නේටෝවේ මැදිහත් වීමෙන් එය වළක්වා තිබුණේ, රුසියාව ඇලෙප්පෝ වෙත එල්ල කිරීමට යන ප්රහාරයන්ගෙන් සාමාන්‍ය ජනතාවට හානිවන බව පවසමිනි.
මීට පෙර මෙම නෞකා බලඇණිය ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කිරීමේදී බ්‍රිතාන්‍යයේ යුද නෞකා විසින් ඒවා නිරීක්ෂණය කරමින් අනවශ්‍ය උණුසුමක් ඇති කරගත් බවක් විදෙස් වාර්තාවලින් කියවුණි.
පසුගිය සතිය පුරා රුසියාවේ සිට මෙසේ ඇදෙන මෙම නෞකා බලඇණිය කස්නෙට්සොව් න්‍යෂ්ටික බල ගුවන් යානා හාරක නෞකාව පෙරටුව ගමන් කරන අතර, මෙම නෞකාවේ ප්‍රහාරක යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පවතී.
මෙම නෞකාවන්ගේ පැමිණීමත් සමග නේටෝවේ බ්‍රිතාන්‍ය හමුදා නැගෙනහිර යුරෝපය වෙත සිය හමුදා බලඇණියක් යොදවීමට කටයුතු කර ඇති බවද විදෙස් වාර්තා පවසයි. ඒ අනුව, දශක ගණනාවකට පසුව සීතල යුද්ධයක උණුසුම යළිත් ඉස්මතුව ඇති බව ලෝක දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ඉරාකයේ මොසුල් නගරය ඉලක්ක කරමින්, ඇමෙරිකාව සිය සම්පූර්ණ බලය යොදමින් ප්‍රහාර අරඹා ඇති බව පවසන විට, එහිදී, මොසුල්හි සිදුවන සිවිල් වැසියන් ඝාතනය සම්බන්ධයෙන් මුනිවත රකින නේටෝව, මේ ආකාරයෙන් රුසියාවේ ක්‍රියාකලාපය හමුවේ අනවශ්‍ය කලබලයක් ඇති කරගැනීමද ඒ සීතල යුද්ධයේ අළුයට ගිනිපුපුරු බව සැබෑය.