රුසියාවේ යුක්රේන ආක්රමණයට එරෙහිව ජී7 රටවල නායකයන් නැගී සිටිය යුතු බව ජර්මනියේදී ආරම්භ වූ ජී7 රාජ්ය නායක සමුළුව අමතමින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කළේය.
වෙළෙඳාම, මූලධර්මවාදී ප්රචණ්ඩත්වය මෙන්ම කාලගුණික විපර්යාසයන්ද මෙවර ජී7 රාජ්ය නායක සමුළුවේදී මූලිකව සාකච්ඡාවට බඳුන්වන කාරණා බව කියැවෙයි.
වාර්ෂිකව පැවැත්වෙන සමුළුවේ ප්රධානත්වය ගනු ලබන්නේ බටහිර ආර්ථික බලවතුන් වන අතර, එය මෙවර ජර්මනියේ බාවේරියන් ඇල්ප්ස් හිදී පැවැත්වේ.