රුවන්ඩා ආරක්ෂක අංශ හා කොංගෝ හමුදාවන් අතර ඔවුන් දෙපිරිස දේශසීමා ආසන්නයේ සටන් වදින බව කොංගෝ තොරතුරු අමාත්‍යවරයා පවසයි.
පසුගිය බදාදා රුවන්ඩා හමුදා සාමාජිකයන් පිරිසක් දේශසීමා පැන සිදුකළ පහරදීමකින් පසු මේ ආකාරයෙන් දෙපිරිස අතර සටන් ඇවිලී තිබෙන බව කියැවෙයි.
මෙසේ පැය දෙකක පමණ ප්‍රහාරයකින් පසු රුවන්ඩා හමුදාව කොංගෝ හමුදා කෝප්රල්වරයෙකු පැහැර ගෙන ගොස් තිබේ.
මෙම හමුදා නිලධාරියා මරා දමා ඇති බවට විශ්වාස කරමින් සටන උත්සන්න වී තිබේ.
1994 වසරේ ඇතිවූ මහා මනුෂ්‍ය සංහාරයෙන් පසු මෙම රටවල් දෙක අතර එතරම් ඇයි හොඳයියක් නැත.