රු 15ක ණය මුදලක් නිසා අඹුසැමි යුවළක් මරා දමලා
ඉන්දියානු රුපියල් 15ක ණය මුදලක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් එරට අඩු කුල පවුලක ස්වාමි පුරුෂයෙකු සහ බිරිඳක උසස් කුලේ කඩ හිමියෙකු විසින් ඝාතනය කර තිබේ.
උත්තර් ප්රදේශයෙන් වාර්තා වූ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති අඹුසැමි යුවළ මරා දමා ඇත්තේ ගෙල සිඳීමෙන් හා කපාකොටා තුවාල කිරීමෙන් බවද අනාවරණය වෙයි.
උසස් කුලේ කඩ හිමියාගෙන් ලබාගත් බිස්කට් පැකට්ටුවලට අදාළ ඉන්දියානු රුපියල් 15ක මුදල යළි ගෙවීම සඳහා ඔවුන්ට තවත් කාලයක් ලබාදෙන ලෙස මෙම දාලිත් කුල අඹුසැමි යුවළ ඉල්ලා සිටි අවස්ථාවේදී, ඊට කිපුණු කඩහිමියා මෙම ඝාතනයන් සිදුකර තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ඉන්දීය පොලීසිය විසින් ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.
මෙයිනිපුරි දිස්ත්රික්යේදී වාර්තා වූ මෙම සිදුවීමට මුහුණදුන් අඹුසැමි යුවළ උදෑසන කුලී වැඩට යන අතරතුර මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති බව පොලීසිය කියයි.
ඉන්දියානු ජන සමාජයේ කුල ගෝත්ර වාදය තවමත් රජ කරවන අතර, දාලිත් කුලය ඉතාම පහත් කුලයක් ලෙස සැලකෙන අතර, උසස් කුලීනයන්ගේ ගැරහුම් හා අඩම්තේට්ටම්වලට ඔවුන්ට නිරන්රයෙන් ලක්වීමට සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

