අද (13දා) දිනයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය නිමිති කරගෙන බ්රසීලයේ, රියෝ දී ජැනෙයිරෝ නගරය ඉතිහාසයේ දැවැන්තම ආරක්ෂක මෙහෙයුම සඳහා සුදානම් වෙමින් සිටින බව එරට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු පවසයි.
ඒ අනුව, අද දිනයේදී 25,000කට අධික භට පිරිසකගෙන් සමන්විත පොලිස්, හමුදා සහ ගිනි නිවන භටයන් සේවයේ යොදවා ඇති බව එරටින් වාර්තා වෙයි.
මේ අතර නාවික යාත්රා 25ක් මගින් රියෝ නගරයේ වෙරළ තීරයට ආරක්ෂාව සලසා ඇති බවත්, විශේෂ ගුවන් ආරක්ෂණ ක්රමවේදයක් භාවිත කරන බවත් එරටින් වැඩිදුරටත් වාර්තා වෙයි.
ජර්මනිය හා ආර්ජන්ටිනාව තරග වදින මරකානා ක්රීඩා පිටියේ පැවැත්වෙන අවසාන මහා තරගයට බ්රසීල ජනාධිපති දිල්මා රොයුසෙෆ් සහභාගී වීමට නියමිත අතර, ඇයත් සමග තවත් විශේෂ රාජ්ය නායක පිරිසක්ද සහභාගි වන බව පැවසෙයි.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින්, ජර්මනු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප්රමුඛ අවම වශයෙන් තවත් රාජ්ය නායකයන් නව දෙනෙකු ද ඒ අතර වනු ඇති බව පැවසෙයි.