ස්වයං රැකියාවක නිරත වීමේ වයස අවුරුදු 10 දක්වා අඩු කිරීමට බොලීවියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, වයස අවුරුදු 10ක දරුවෙකුට වුවද, පාසල් යන අතරතුර ස්වයං රැකියාවක නිරත වීමේ හැකියාව ලැබෙයි.
එමෙන්ම, තම දෙමවුපිය අවසරය ලැබෙන්නේ නම් වයස අවුරුදු 12ක දරුවෙකුට කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමටද නීතිමය අවසරයක් ලබාදී තිබේ.
බොලීවියානු ප ජනාධිපති අල්වාරෝ ග්‍රාසියා ලිනේරා පවසා සිටියේ දකුණු ඇමෙරිකාවේ දුගී රාජ්‍යයක් ලෙස මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි.
කෙසේ වෙතත්, එරට තුළ දරුවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන්ද දැඩි දඬුවම් පනවන රටකි.
බොලීවියාවේ දරුවන් ලක්ෂ 5ක් පමණ දැනටමත් සිය පවුල් ඒකකයට අමතර ආදායමක් ඉපයීම වෙනුවෙන් යම් රැකියාවක නිරත වන බව යුන්සෙෆ් සංවිධානය පවසයි.