මීට වසර 3කට පෙර බංග්ලාදේශයේ ඩකා අගනුවරදී ජීවිත 1,100ක් ඉක්මවා අහිමි කරමින් කඩා වැටුණු රානා ප්ලාසා ඇඟලුම් කම්හලේ හිමිකරු වූ සොහෙල් රානා දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වසර තුනක සිර දඬුවමකට යටත්ව තිබේ.
එරට වත්කම් විරෝධී කොමිසම හමුවේ සිය වත්කම් හෙළි කිරීමට අපොහොසත් වීම නිසා ඔහුට මෙම දඬුවමට යටත්වීමට සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
මේ අතර, රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටීමේදී සිදුවූ මරණ සම්බන්ධයෙන් මිනී මැරුම් චෝදනා යටතේද ඔහුට එරෙහිව නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතී.
එම මහා ඛේචවාචකයෙන් ජීවිත 2,500ක් පමණ බේරාගනු ලැබූවද බොහෝ දෙනෙකු අත්පා නැති තුවාලකරුවන් බවට පත්විය.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ හා තුවාල ලැබූ වැඩි දෙනා ඇඟලුම් සේවිකාවන් වන අතර, මෙම ඛේදවාචකයත් සමග ලොව පුරා ඇඟලුම් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ස්වාමි පක්ෂය සලකන ආකාරය පිළිබඳ ඇස් ඇරවීමක් සිදුවිය.