ඉරාකයේ රමාදි නගරය පසුගිය සතියේදී IS ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වීමත් සමග 3,000ක පමණ හමුදාවක් එම ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන්ට එරෙහිව පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වෙයි.
මෙම හමුදාවන් පවසන්නේ ඔවුන් දැනටමත් රමාදි නගරයට නැගෙනහිරින් වූ හසෙයිබා නගරයේ බලය යළි තහවුරු කළ බවයි.
අන්බාර් පළාතේ අගනගරය වන රමාදි බැග්ඩෑඩ් නගරයෙන් සැතපුම් 70ක් පමණ බටහිරින් පිහිටා තිබේ.
මෙම නගරය ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් අතට පත්වීම ඉරාක හමුදා ලැබූ බලවත් පරාජයක් ලෙස සැලකුණි.