රාජකාරී භූමියේදී, වැඩ බිමේදී ආගමික සංකේත ලෙස හිස් ආවරණ පැළඳීම තහනම් කරමින් යුරෝපයේ ඉහළ අධිකරණයක් විසින් තින්දුවක් ලබාදී තිබේ.
ඒ අනුව, තම සේවකයන් එවැනි හිස් ආවරණ පැළඳ පැමිණෙන්නේ නම් ඊට එරෙහි වීමේ අවසරය සේවා යෝජකයන්ට හිමිවන බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, රාජාකාරී ආයතනයක් එවැනි තීරණයකට පැමිණෙන්නේ නම් එය හුදෙක් තම ආයතනය තුළ මධ්‍යස්ථ හැසිරීමක් බලාපොරොත්තුවෙන් එවැනි තීරණයකට එලඹිය යුතු බව පෙන්වාදෙන අධිකරණ තීන්දුව, සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව මත එවැනි තීරණයකට නොපැමිණිය යුතු බවද අවධාරණය කරයි.
රාජකාරී ස්ථානවල හිස් ආවරණය පැළඳීම සම්බන්ධයෙන් යුරෝපයේ ඉහළ අධිකරණයක් විසින් තහනමක් පනවමින් තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාවද මෙයයි.