දකුණුදිග යේමනයේ ඒඩන් නගරයේ ජනාකීරණ ප්රදේශයකට එල්ල කළ IS ඉස්ලාම් රාජ්ය මරාගෙන බෝම්බ ප්රහාරයකින් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම්වල ජනතාව ගැවසෙන නිවාස සංකීර්ණයක් මෙම බෝම්බ ප්රහාරයට ඉලක්ක වී ඇති අතර, එම කණ්ඩායම්වලට නව සාමාජිකයන් බඳවා ගන්නා ස්ථානයක් ඉන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
මරාගෙන මැරෙන බෝම්බකරු මෝටර් රථයක් පදවාගෙන එම ස්ථානයට කඩා වැදී බෝම්බය පුපුරුවාගෙන තිබේ.
ප්රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්ය සංවිධානය විසින් භාර ගනු ලැබ ඇත.