යුරෝපා පාර්ලිමේන්තුවේ ඇතු වූ ගැටුමකින් මහා බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ විරෝධී පක්ෂය හෙවත් UKIP පක්ෂ නායක ස්ටීවන් වුල්ෆ් හදිසියේ රෝහල්ගත කර තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ස්ටීවන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින අතර, ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ හිසෙහි ලේ කැටියක් පවතින්නේද යන්න පිළිබඳව සිදුකළ පරීක්ෂණ ප්‍රතිඵල යහපත් බවයි.
කෙසේ වෙතත්, තවත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බැවින් තවදුරටත් රෝහල්ගතව සිටින බවද හෙතෙම පවසා තිබේ.
ගාඩියන් පුවත්පත පෙන්වා දෙන පරිදි එම පක්ෂයම නියෝජිනය කරන මයික් හූකෙම් මෙම ගැටුමට මැදි වූ අනෙක් මහජන නියෝජිතයා ලෙස හඳුනාගෙන තිබේ.