යුරෝපයේ නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර දුම්වැටි හා මත්පැන් භාවිතයේ සුළු පහළ යෑමක් දැකිය හැකි වුවත්, කංසා භාවිතයේ විශාල වැඩි වීමක් දැකිය හැකි බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.
ජර්මනිය, බ්‍රිතාන්‍ය හා ස්පාඤ්ඤය යන රටවල්වල සම්පූර්ණ නොකළ සමීක්ෂණ තොරතුරු හැර යුරෝපා සංගමයට අයත් සෙසු සියලු රටවල නව යොවුන් වියේ වයස අවුරුදු 15 ත් 16ත් අතර තරුණ තරුණියන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
1995 වසරේ සිට 2015 වසර දක්වා එම කලාපයේ මෙම වයස් කාණ්ඩයේ මත්පැන් භාවිතය 56% සිට 47% දක්වා පහළ යෑමක් දැකිය හැකිය.
කෙසේ වෙතත්, කංසා භාවිතයේ සැලකිය යුතු වැඩිවීමක් දැකිය හැකි අතර, විශේෂයෙන්ම ඉතාලිය එය වැඩිම අගය ගන්නා බවද කියැවෙයි.
එමෙන්ම චෙක් ජනරජයේද මෙම තත්ත්වය බරපතල බව කියැවෙන අතර, එය ඇමෙරිකා එක්සත් ජනපදයටද වඩා වැඩි බව කියැවෙයි.