යුරෝපා සංගමයට අයත් රටවල් වෙත මිනිස් ජාවාරම් මෙහෙයවන කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉල්ලා සිටීමට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා කටයුතු කර තිබේ.
ෆෙඩරිකා මෝගෙරීනී යුරෝපා සංගම් ආරක්ෂක කවුන්සිලය අමතමින් මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මෙම ඉල්ලිම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බොහෝ මිනිස් ජාවාරම් මෙහෙයවන ලිබියාව යුරෝපා සංගමයේ යෝජනාවට එරෙහිව ඇති බවද පැවසෙයි.
2015 මේ දක්වා කාලය තුළ මධ්‍යධරණී මුහුදේදී පුද්ගලයන් 1,800ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය 2014 වසරේ මෙම කාලය හා සැසඳීමේදී 20 ගුණයක වැඩිවීමක් බව පැවසෙයි.