යුරෝපයේ ප්රධාන නගර කිහිපයක ටැක්සි රථ සහ දුම්රිය වැඩවර්ජනයක් හේතුවෙන් ප්රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඒ අනුව, ප්රංශයේ ඇතැම් පළාත්වල දුම්රියවලින් තුනෙන් දෙකක් ධාවනය නොකෙරුණු අතර, විශේෂයෙන් ගුවන් තොටුපළවල් ආසන්නයේ ටැක්සි රථ පාර හරස්කරමින් නවත්වා විරෝධතාවල නිරත වන ආකාරය දැකිය හැකි විය.
මෙම විරෝධතා මැඩ්රිඩ්, ලන්ඩන්, මිලාන්, බර්ලීන් මෙන්ම තවත් යුරෝපීය නගර කිහිපයකම දැකගත හැක්විය.
ටැක්සි රථ ධාවනය වෙනුවෙන් යොදා ගැනෙන උබර් ජංගම දුරකථන යෙදවුමේ පවතින නියාමනයේ දුර්වලතාවන් පෙන්වා දෙමින් ටැක්සි රථ රියදුරන් සිය වැඩවර්ජනය දියත් කර තිබුණු අතර, දුම්රිය වර්ජනයට හේතුව දුම්රිය සේවක කප්පාදුවකි.