දශකයකට අධික කාලයකට පසුව යුරෝපයෙන් කොටසක් අතිශය ප්‍රබල උණුසුම් කාල පරිච්ඡේදයකට මුහුණදෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වයත් සමග යුරෝපයේ ඇතැම් රාජ්‍යයන් හි සෙල්සියස් අංශක 44 ඉක්මවන උණුසුමක් වාර්තා වන අතර, ඔවුන් ප්‍රජාවගේ සෞඛ්‍යය පිළිබඳ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම ඉතාලියේ මේ දිනවල පවතින ඇඟ දවන උණුසුම් කාලය සමග ලැව්ගිනි පැතිරීම්ද වාර්තා වී තිබේ.
එමෙන්ම, නගර හා ගම්මාන රැසක උපරිම උණුසුම් තත්ත්වය පිළිබද අනතුරු ඇඟවීම්ද දැනටමත් සිදුකර ඇත.
මෙම උණුසුම් වටපිටාව තවත් ප්‍රදේශවල නියං තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවද කාලගුණ අංශ පවසයි.
මෙම උණුසුම් තත්ත්වයෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ ඉතාලිය ඇතුළු පෝලන්තය වැනි බෝල්කන් රාජ්‍යයන් ය.