යුක්රේනය රජයේ හා නැගෙනහිර යුක්රේනයේ සටන්වදින රුසියානු හිතවාදීන් අතර අත්අඩංගුවේ පසුවන්නන් හුවමාරු කරගැනීම තවදුරටත් සිදුවන බව වාර්තා වෙයි.
යුක්රේන බලධාරීන් පවසන්නේ තම සොල්දාදුවන් තවත් හතර දෙනෙකු නිදහස් කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි. කෙසේ වෙතත් නිදහස ලබන සටන්කාමීන් සංඛ්‍යාව තහවුරු කර නැත.
කෙසේ වෙතත් ඊයේ වනවිට යුක්රේනය පවසා සිටියේ සටන්කාමීන් 222 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ හමුදා සාමාජිකයන් 146 දෙනෙකු නිදහස් කළ බවයි.