යුක්රේන අර්බුදය මූලික කරගනිමින් රුසියාවේ මූල්‍ය, බලශක්ති සහ ආරක්ෂක යන අංශ වෙත තවදුරටත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය එකඟ වී තිබේ.
මේ වනවිටත් රුසියාවේ ප්රමුඛ පුද්ගලයන් හා එවැනි ආයතන කිහිපයක්ම යුක්රේන අර්බුදයට දක්වා ඇති සහාය හේතුවෙන් සම්බාධකවලට යටත්ව ඇති බව කියැවෙයි.
එමෙන්ම, NH17 ගුවන් යානා අනතුරද යුරෝපා සංගමයේ සම්බාධක වෙත තවදුරටත් ඉන්ධන සපයා තිබේ.
මේ අතර, ගුවන් යානා අනතුර සිදුවූ කලාපය වෙත ඇතුළු වීමට සූදානම් වූ නෙදර්ලන්ත හා ඔස්ට්‍රේලියා විශේෂඥයන්ට තෙවැනි දිනටත් එම කලාපය වෙත ඇතුළු වීමට අවස්ථාව නොලැබී ඇති බව කියැවෙයි.
එම කලාපයේ රුසියානු හිතවාදීන් හා යුක්රේන හමුදා අතර පවතින ගැටුම් මීට හේතුවී ඇත.