යුක්රේනය යුරෝපා සංගමය සමග නව සහයෝගිතා ගිවිසුමකට අත්සන් කරන ලද අතර, යුක්රේනයට අමතරව ජෝර්ජියාව හා මෝල්ඩාවද මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.
කෙසේ වෙතත් යුක්රේනයේ මෙම ක්රියා කලාපය මේ වනවිටත් රුසියාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර, ඔවුන් ඊට විරෝධය පළ කර තිබේ.
යුක්රේනයේ නව ජනපති පෙට්රෝ පොරොෂේන්කෝ මෙම නව ගිවිසුම හඳුන්වා සිටියේ එය සිය රටේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසිනි.
කෙසේ වෙතත්, එම ගිවිසුම වෙනුවෙන් යුක්රේනයට ‘විශාල මිලක්’ගෙවීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.
මීට පෙර මෙවැනි ගිවිසුමක් පිළිබඳ යුක්රේනයේ බලයෙන් පහකෙරුණු වික්ටර් යනුකොවිච්ට ආරාධනා ලැබුණද, ඔහු යුරෝපා සංගමය අත්හැර රුසියාව සමග සබඳතා පවත්වා ගැනීමට යොමු විය.
මේ තත්ත්වය තුළ යුරෝපයේ දරුණු ප්රචණඩක්රියා ඇවිලී ගිය අතර, අවසානයේ යනුකොවිච්ට සිය ජනපති පදවියද අහිමි විය.
නමුත්, ඒ උණුසුම ජනමත විමසුමක් මත ක්රිමියා අර්ධද්වීපයේ පාලනය බලය රුසියාව හිමිකර ගත්තේය.
එය රුසියානු හිතවාදී කැරලිකරුවන් මෙහෙයවනු ලැබූ සටනක ප්රතිඵලයක් ලෙස නැගී සිටියද, අවසානයේ මේ සියල්ල පසුපස පූටින් පාලනය සිටින බවට චෝදනා නැඟුණි.
මේ වනවිටත් නැගෙනහිර යුක්රේනයේ පවතින ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් රුසියාවට ඇඟිල්ල දිගු කෙරෙයි.
කෙසේ වෙතත්, යුක්රේනයේ මේ නව ගිවිසුමත් සමග ඉදිරි කාලයෙහි වඩාත් දරුණු ප්රතිවිපාකවලට මුහුණදීමට සිදු විය හැකි බවට මොස්කව් බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.