යුක්රේනයේ කයිමියා කලාපයේ උද්ගතව ඇති නොඉවසුම් ස්වභාවයත් සමග මොනයම් ආකාරයේ හෝ කුපිත කරවීමකින් වැළකී සිටින ලෙස ඇමෙරිකාව සියලු පාර්ශ්ව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් දුරකථන සාකච්ඡාවක්ද සිදුකර ඇති අතර, එහිදී භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව රුසියාව පවසා තිබේ.
කෙසේ වෙතත් ජෝන් කෙරී අවධාරණය කර ඇත්තේ තම වචනය කඩ නොකර මොස්කව් ක්‍රියාකළ යුතු බවය.
මේ අතර, රුසියානු හිතවාදී යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යනුකොවිච් මේ වනවිට රුසියාවට පළාගොස් ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති ක්‍රයිමියා කලාපයද හිටපු ජනාධිපතිවරයා අවසන් වරට රැඳී සිටි ස්ථානය බව කියැවෙයි.
රුසියානු හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ක්‍රයිමියා ප්‍රාදේශීය පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමත්, රුසියාව ඒ ආසන්නයේ යුධ අභ්‍යාසයක නිරත වීමත් හේතුවෙන් ඇමෙරිකාව මේ ආකාරයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.