යුක්රේන අර්බුදය සම්බන්ධ සාකච්ඡා සඳහා ප්‍රංශයේ පැරීසයට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අතර සාකච්ඡා ආරම්භ වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
පසුගිය සිකුරාදා දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් විසින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා වෙත දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව මෙම හමුවට මාර්ගය විවර වූ බව පැවසෙයි.
මේ වනවිටත් රුසියාව ක්රිමියාව ආක්‍රමණය කර ඇති අතර, තවත් දහස් ගණන් රුසියානු හමුදා යුක්රේන දේශසීමාවේ කඳවුරු බඳිමින් සිටින බවට වාර්තා පළ විය.
කෙසේ වෙතත්, යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු වුවමනාවක් රුසියාවට නොමැති බව පසුව ලැව්රෝව් අවධාරණය කළේය.