යුක්රේනය ආක්‍රමණය නොකරන බව රුසියාව කියයි
යුක්රේනය ආක්‍රමණය කිරීමට හමුදා එවීමේ කිසිදු සූදානමක් රුසියාවට නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අවධාරණය කරයි.
වර්තමානයේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයට රාජතාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා හා ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසුව ලැව්රෝව් මෙසේ අදහස් පළ කර තිබේ.
යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා බලමුළු ගැන්වීම නතර කිරීමත්, ක්‍රිමියාවේ සිටින රුසියානු හමුදා නැවත සිය රට වෙත කැඳවා ගැනීමත් ඇමෙරිකාවේ යෝජනාව වී තිබේ.
මේ අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අතර අද පැරීසයේදී හමුවක් පැවැත්වෙන බවද කියැවෙයි.
මැදපෙරදිග සිට ඊයේ දිනයේ නැවත ඇමෙරිකාවට පැමිණි ජෝන් කෙරී සිය සුපුරුදු කාලසටහන වෙනස් කරමින් ක්ෂණිකව නැවත අද පැරීසිය වෙත පැමිණෙන්නේ මෙම සාකච්ඡාව අතිශය වැදගත් නිසා බවද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
