වික්ටර් යනුකොවිච්ගේ මන්දිරය වගේම, වික්ටර් යනුකොවිච්ගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ මන්දිරද මේ වනවිට කරළියට පැමිණෙනවා.
යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යනුකොවිච් සිය ධුරයෙන් ඉවත්කළ පසු අද ඔහු ආගිය අතක් නැතත්, ඒ අධි සුඛෝපභෝගී මන්දිර ඔවුන් බලයේ සිටියදී ඔහු සුරසැප ප්‍රදර්ශනය කරනවා.
මෙය වඩාත් ජනතාව ප්රකෝපකර ඇති සිදුවීමක් වන්නේ, යනුකොවිච් පාලනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවා ඒ සුරසැප විඳිබව ප්‍රකට කරන තවත් මන්දිර මේ වනවිට සොයා ගැනෙන නිසයි.
මේ අතර, යුක්රේනයේ හිටපු නීතිපතිවරයා වන වික්ටර් ෂ්න්කාගේ මන්දිරයද සොයා ගැනුණා. එය අදහාගත නොහැකි තරමේ මන්දිරයක් බව එහි ගිය විදෙස් මාධ්‍යවේදීන් පවසනවා.
ජනතාව වෙනුවෙන් රට කරවීමට බලයට පැමිණෙන මිනිසුන්ගේ යථාර්ථයට මේ ඡායාරූප හැර තවත් කතා අවශ්‍ය වන්නේ නැහැ.