යුක්රේන ජනාධිපතිවරණයට රුසියාව බාධා කළොත් ප්රංශ හා ජර්මානු සම්බාධක
එළැඹෙන මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපතිවරණය පැවැත්වීමට අවස්ථාව ලබා නොදුන්නොත්, රුසියාව වෙත තවදුරටත් සම්බාධක පනවන බවට ප්රංශය හා ජර්මනිය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ප්රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසා අත්තේ යුක්රේනය තවදුරටත් අස්ථාවර කිරීමේ ප්රයත්නයක් දක්නට ලැබෙන බවයි.
එමෙන්ම, හෙට (11දා) නැගෙනහිර යුක්රේනයේ පැවැත්වීමට නියමිත ජනමතවිචාරණය නීති විරෝධී මැතිවරණයක් බවද මෙම දෙපළ නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ යුක්රේන දේශසීමාවෙන් ඇසට පෙනෙන ලෙස රුසියානු හමුදා ඉවත්කර ගැනීමක් සිදුවිය යුතු බවය.
තම හමුදා ආපසු කැඳවා ගත් බව රුසියාව කියා සිටියාත්, නේටෝ සංවිධානයේ තක්සේරු කිරීම් අනුව මේ වනවිට රුසියානු සෙබලු 40,000ක් පමණ යුක්රේන දේශසීමාවේ සිටිති.
ජර්මනියේ අන්ජෙලා මාර්කෙල්ගේ ඡන්ද කොට්ඨාසයේදී රාජ්ය නායකයන් දෙපළ මුණ ගැසුණු අවස්ථාවේදී මෙම නිවේදනය ප්රකාශයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

