ලොව ප්රකට අන්තර්ජාල සෙවුම් යන්ත්රයක් වන යාහූ පවසා සිටියේ පසුගිය ජූනි මාසයෙන් අවසන් වූ 2014 දෙවැනි කාර්තුවේදී සිය වෙබ් අඩවියේ ලාභය 18% කින් හෙවත් ඇ.ඩො.මිලියන 270ක් දක්වා පහළ බැස ඇති බවයි.
එමෙන්ම, ආදායමද 3%කින් හෙවත් ඇ.ඩො.බිලියන 1.08ක් දක්වා අඩු වී ඇති බව යාහූ පවසයි.
යාහූ මෙසේ අලාභ ලැබීමට ප්රධානතම හේතුව වී තිබෙන්නේ එහි පළ කෙරෙන දැන්වීම්වල ලාභයේ දැඩි පහළ යෑමක් බව කියැවෙයි. එය දෙවැනි කාර්තුව තුළ 8%ක පමණ කඩා වැටීමක් බව පෙන්වා දෙයි.
අපේ මූලික අභිප්රාය ආදායම් වර්ධනය කරගැනීමයි. දෙවැනි කාර්තුවේ ප්රතිඵල සමග අප සෑහීමකට පත්වන්නේ නෑ යනුවෙන් පවසා සිටියේ යාහූ ප්රධාන විධායන නිලධාරීනී මරීසා මේයර් ය.