ISIS ඉස්ලාමිය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා සින්ජාර් කඳුවැටිය වෙත පළායෑමෙන් අනතුරුව, එහි සිරවී සිටි යාසිඩි ජනතාව බේරාගැනීම සඳහා අමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව සිදුකළ මෙහෙයුම සාර්ථක බව වාර්තා වෙයි.
මෙසේ බේරාගන්නා ජනතාව පසුව ඉරාකයේ වෙනත් ආරක්ෂිත ස්ථානයක පදිංචි කරවීම මෙම මෙහෙයුමේ අරමුණ බව කියැවෙයි.
ඒ අනුව, මෙම මෙහෙයුම සඳහා අති නවීන අපාචේ සහ චිනුක් හෙලිකොප්ටර් යානාද යොදවා ගෙන තිබේ.
හමුදා ප්‍රවාහන හෙලිකොප්ටර් යානයක් ලෙස සැලකෙන චිනුක් යානා තුළ එක් වරකට 60 දෙනෙකු පමණ ප්‍රවාහනය කිරීමේ හැකියාවක් ඇති අතර, එහිදී, එම යානාවලට ආරක්ෂාව සපයමින් අපාචේ හෙලිකොප්ටර් ගමන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම යානා ආරක්ෂා කිරීම සඳහා තවත් සෙබළුන් 200ක ගෙන් යුත් පාබල සේනාවක්ද මෙම භූමි ප්‍රදේශයට අවශ්‍යව ඇතැයි බ්‍රිතාන්‍ය පෙන්වා දෙයි.