(UPDATE) මෝල්ටාවේදී අනතුරට පත්වූ යානයේ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් තිදෙනෙකු සිටි බව මෝල්ටා බලධාරීහු පවසති.
මධ්‍යධරණී මුහුද හරහා නීති විරෝධීව සිදුකෙරෙන පුද්ගල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ අරමුණෙන් ප්‍රංශය විසින් දියත් කරනු ලැබූ මුර සංචාර ව්‍යාපෘතියට මෙම යානය අයත් බවද ඔවුහු පවසති.
මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන්ගත වීමෙන් සුළු වේලාවකින් අද (24දා) උදෑසන මෙම මගී යානය අනතුරට පත්ව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළද මෙම අනතුර තහවුරු කළ අතර, ෆෙයාචයිල්ඩ් මෙට්රෝලයිනර් යානය අනතුරට ලක්වීමෙන් එහි සිටි පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවද තහවුරු කර තිබුණි.
එමෙන්ම, අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පවුල්වල සාමාජිකයන් සමග මේ අවස්ථාවේදී කනගාටුව බෙදාහදා ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
එමෙන්ම, මීට පෙර වාර්තා වී තිබුණේ යුරෝපා සංගමයේ දේශසීමා නිලධාරීන් පිරිසක් මෙම යානයේ ගමන් කරමින් සිට ඇති බවයි.
කෙසේ වෙතත්, යුරෝපා සංගම් නිලධාරීන් කිසිවෙකුත් යානයේ නොසිටි බව පසුව යුරෝපා සංගම් විදේශ කටයුතු ප්‍රධානියා තහවුරු කර තිබුණි.