ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්ව සිටින නරේන්ද්‍ර මෝඩි හින්දූන්ගේ පූජනීය නගරය වන වර්නාසි වෙත ගොස් හින්දු ආගමික වතාවත්වල යෙදීමට අමතක නොකළේය.
හින්දු ජාතිකවාදී දේශපාලඥයෙකු වන මෝඩි ගංගානම් ගඟ අසලදී ආගමික වතාවත්වල යෙදෙන අවස්ථාවේදී පවා එම ස්ථානයට රැස්වූ දහස් ගණන් ජනයා ඔහුට සුබ පතන්නට විය.
මෙම අවස්ථාවේදි කියා සිටියේ හින්දූන්ගේ ශුද්ධ වූ ගංගාව වන ගංගානම් ගඟ පිරිසුදු කිරීමට කඩිනම් පියවර ගන්නා බවය.
මෙවර මැතිවරණයේදී වර්නාසි මෙන්ම ඔහුගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්රාන්තයෙන්ද 63 හැවිරිදි මෝඩි පාර්ලිමේන්තුවට තේරීපත් විය.
මෙම ආගමිකවතාවත් පැවැත්වීමට පෙර ඊයේ උදෑසන මෝඩි දිල්ලි නගරයේදී විජයග්‍රාහී පෙරහරටද සහභාගි විය.
භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේදි ජනතාව ඇමතූ මෝඩි කියා සිටියේ ඉන්දියානු ජනතාවට හිස නමා ආචාර කිරීමට, ඔවුන්ට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවයි.
එමෙන්ම ඉන්දියානු ඡන්දදායකයා බුද්ධිමත් ඡන්දදායකයෙකු බවට පත්කිරීමට ඉන්දීය මාධ්‍ය ක්‍රියාකළ බව පැවසීමටත් මෝඩි අමතක නොකළේය.