මොනාකෝ රාජකීයයන් රජ පැටියෙක් බලාපොරොත්තුවෙන්
මොනාකෝ හි දෙවැනි ඇල්බට් කුමරු සහ ඔහුගේ දකුණ අප්රිකානු ජාතික බිරිඳ වන චාර්ලීනී කුමරිය සිය කුළුඳුල් දරුවා බලාපොරොත්තුවෙන් පසුවන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
2011 ජූලි මාසයේදී විවාහ වූ මෙම රාජකීය යුවළ කුඩා ප්රකාශයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කර ඇති අතර, ඔවුන් ඉතා සතුටින් පසුවන බවද දන්වා තිබේ.
මෙම රාජකීය පැටියා කවරෙකු වුවත්, ඔහු හෝ ඇය ඇල්බට් කුමරුගේ වැඩිමහලු සහෝදරිය වෙනුවට කිරුළට උරුමකම් කියන රාජකීයයා බවට පත්වනු ඇත.
කෙසේ වෙතත් මේ ඇල්බට් කුමරුගේ ප්රථම දරුවා නොවන අතර, ඔහු මීට පෙර පැවති සබඳතාවකදී ඔහුට දාව දරුවන් දෙදෙනෙකු සිටී.
එහි වැඩිමහලු දියණිය මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන ජැස්මීන්ය.
බාලයා වයස අවුරුදු 10ක් වන ඇලෙක්සැන්ඩර් ය.
කෙසේ වෙතත් 2011 වසරේදී ඇල්බට් කුමරු දකුණු අප්රිකාවෙන් බිහිවූ ඔලිම්පික් තරුවක් වන චාර්ලීනී සමග විවාහ දිවියට පිවිසියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

