සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාකීර්ණ ප්රදේශයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නගරයේ හෝටලයක් ඉදිරිපිටට කඩා වැදුණු බෝම්බ පුපුරුවා ගත් මරාගෙන මැරෙන ලොරි රථයක් පුපුරා යාමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මේ අතර, නගරයේ මදීනා දිස්ත්රික්කය තුළ සිදුවූ තවත් බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියයි.
මෙම ප්රහාරයේ කවුරුන් විසින් එල්ල කළේද යන්න මෙතෙක් අනාවරණය වී නැතත්, මොගඩිෂු අගනුවර අල්කයිඩා සංවිධානය හා සම්බන්ධ අල්-ෂබාබ් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන්ගේ නිරන්තර ප්රහාරයන්ට පසුගිය කාලයේ ලක්විය.
අල්-ෂබාබ් ත්රස්තයන් මේ වනවිට සෝමාලියානු රජයේ හමුදා සමග සටනක නිරතව සිටීම මෙම ප්රහාරයන්ට ආසන්නතම හේතු බවද කියැවෙයි.