මේගි සුළි කුණාටුවත් සමග නැගෙනහිර චීනයේ, සේජියන් පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ බරපතල නායයෑම් දෙකකින් පසුව අවම වශයෙන් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව චීන මාධ්‍ය පවසයි.
එහිදී, සේජියන් පළාතේ, සුකුන් ගම්මානයේ පමණක් නිවාස රැසක් පස් කඳුවලට යටවීම නිසා පුද්ගලයන් 26 දෙනෙකු අතුරුදන්ව ඇති බවද කියැවෙයි.
චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය විසින් නිකුත්කළ වීඩියෝ දර්ශනවලට අනුව නායයෑම් සමග කඳු ආශ්‍රිතව තිබූ නිවාස රැසක් පහළට රූටා වැටෙන ආකාරය දැකිය හැකිය.
මෙම අනතුරින් පමණක් පුද්ගලයන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බවද එම පුවත් ඒජන්සිය පවසයි.
මේ අතර, වෙන්චෙන් පළාතේදී තවත් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන් වී ඇති බවද ෂිංහුවා පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසයි.