නවසීලන්තයේ රෝසමල් වවන්නන් පෙන්වා දෙන්නේ, විදේශයන්ගෙන් ගෙන්වන බාල මල් හේතුවෙන් මේ වසරේදී දේශීය රෝසමල් ව්‍යාපාරයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි.
විශේෂයෙන් පෙබරවාරි 14 වැනිදාට නවසීලන්තය තුළ අලෙවි කෙරෙන රෝසමල් 600,000 ක ප්‍රමාණයෙන් අඩක් පමණම ඉන්දියාවෙන් සහ කොලොම්බියාවෙන් එන රෝසවලින් ආක්‍රමණය කර ඇති බව මල් වවන්නන් සංගමය චෝදනා කරයි.
ඒ නිසා ඔවුන් නවසීලන්ත ජනතාවට උදක්ම කියා සිටින්නේ මෙවර තම පෙම්වතිය වෙනුවෙන් රෝස මලක් ගැනීමේදී එය විදේශයන්ගේ ‘බාල මලක්ද’ කියා පරීක්ෂා කර මිලදී ගන්නා ලෙසයි.