ෂොපින් කවරයකින් සුපිරි පාපන්දු ක්රීඩක මෙසීගේ කමිසය සකසා ගැනීම නිසා පසුව මෙසීගේ අත්සනින් යුතු කමිස දෙකක් හා පාපන්දුවක් තෑගි ලද පස් හැවිරිදි ඇෆ්ගනිස්තාන දරුවා පැහැරගන්නා බවට වූ තර්ජන හේතුවෙන් ඔහු සිය පවුලත් සමග පාකිස්තානයට පළාගොස් තිබේ.
මුර්ටාස් අහ්මඩී නමැති මෙම දරුවාගේ පියා පවසා සිටියේ තම පුතා ජනප්රිය වීමත් සමග බොහෝ අවස්ථාවල විවිධ ධාමරිකයන්ගෙන් ඔවුන්ට බලපෑම් එල්ල වූ බවත්, විටින් විට සිය පුතා පැහැරගන්නා බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටි බවත්ය.
ඒ අනුව, ඇෆගනිස්ථානයේ ඔවුන් ජීවත් වූ ඝාස්නී පළාතෙන් ඉවත් වී පාකිස්තානය වෙත ඔවුන් මේ වනවිට පැමිණ ඇති අතර, පාකිස්තානයේ ජීවත් වීම සඳහා ඔවුන් කෝටාවක් බලාපොරොත්තු වෙයි.
දැනට ඉස්තාම්බුල් නගරයේ ජීවත් වුවත්, එහි ජීවත් වීම තම ආර්ථිකයට කිසිසේත්ම ඔරොත්තු නොදෙන බවද මුර්ටාස්ගේ පියා කියයි.