පුද්ගලයන් 300කට අධික පිරිසකට මරු කැඳවමින් පසුගිය මාසයේදී මුහුදුබත් වූ සෙවොල් යාත්‍රාවේ හිමිකාර සමාගමේ ප්‍රධානීන් අත්අඩංගුවට පත්ව ඇති බවත්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට එරට නීතිවේදීන් සූදානම් වන බවත් වාර්තා වෙයි.
එරට උසස් පාසලක සිසු සිසුවියන් විශාල පිරිසකට සිය ජීවිත අහිමි කළ මෙම ඛේදවාචකයෙන් පසුව අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකව පවතින බවද කියැවෙයි.
නීතිවේදීන් පෙන්වා දෙන ආකාරයට මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නැව් සමාගමේ ප්‍රධානියා වන කිම් හන්-සික්ට නඩු පැවරීමට හැකිය.
යාත්‍රාවට උවමනාවට වඩා බඩු පැටවීම, එය ක්ෂණිකව පෙරලී මුහුදුබත් වීමට ප්‍රධාන හේතුව බවද මේ වනවිට තහවුරු වී ඇති අතර, මුහුදුබත් වන අවස්ථාවේදී එහි ටොන් තුන් දහසකට වඩා භාණ්ඩ රැගෙන යමින් තිබූ බවට විශ්වාස කරන බව ඔවුහු ප්‍රකාශ කරති.
එය මෙම යාත්‍රාවට සාමාන්‍යයෙන් රැගෙන යා හැකි ධාරිතාව මෙන් තුන් ගුණයක ධාරිතාවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.