සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් ග්‍රහණයේ සිටි නැවියන් 26 දෙනෙකු වසර පහකට පසුව නිදහස් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම නැවියන් රැගත් එෆ්.වී. නහාම් 3 නෞකාව 2012 මාර්තු මාසයේදී සීෂෙල්ස් රාජ්‍යයට දකුණුදිගින් වූ මුහුදේදී මංකොල්ලකරුවන් අතට පත්ව තිබුණි.
පසුව එම නෞකාව සෝමාලියා වෙරළ තීරයට රැගෙන යාමට මුහුදු මංකොල්ලකරුවන් කටයුතු කර තිබූ අතර, අවාසනයේදී නෞකාව මුහුදේ ගිලී යන තුරුම එහි රැඳී තිබී ඇති බවද කියැවෙයි.
මෙම නෞකාවේ සිටි නැගෙනහිර ආසියානු රටවලට අයත් නැවියන් සියලු දෙනා පසුව ගොඩබිම වෙත රැගෙන යාමට මුහුදු මංකොල්ලකරුවන් කටයුතු තිබූ අතර, ඔවුන් විශේෂ ස්ථානයක රඳවා තිබී ඇත.
තමන් මීයන් ආහාරයට ගැනීමෙන් ජීවිත් වූ බවත්, ඉතා සීමිත වතුර ප්‍රමාණයක් පමණක් ලබාදීම නිසා ඇවිදින මළ මිනී ස්වරූපයෙන් මෙම වසර කිහිපය ගත කළ බව එසේ නිදහස ලැබී පැමිණි නැවියෝ පවසා තිබුණි.
2000 මැද භාගයේදී සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් අතට පත්ව රැඳවුම් භාරයේ සිටි අවසන් නැවියන් පිරිසද මොවුන් විය හැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මන්දයත්, මේ වනවිට සෝමාලියාවට ආසන්න මුහුදු සීමාවේ මුහුදු මංකොල්ලකෑම් බොහෝ දුරට අඩු වී තිබීම නිසාය.
මෙසේ නිදහස් කෙරුණු නැවියන් කාම්බෝජය, චීනය, තායිවානය, ඉන්දුනීසියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලට අයත් වන අතර, ඔවුන් බේරාගැනීම සඳහා මංකොල්ලකරුවන් වෙත කප්පම් මුදලක් ගෙවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.