මුස්ලිම් සහෝදරත්වයට සහාය පළ කළ අල්-ජසීරා මාධ්‍යවේදීන් තිදෙනෙකු වසර 7ක සිරදඬුවමකට යටත් කිරීමට ඊජිප්තුව කටයුතු කර තිබේ.
ඊජිප්තුවේ කයිරෝ අධිකරණය විසින් මෙසේ වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ, පීටර් ග්රෙස්ටේ, මොහම්මද් ෆහ්මි සහ බාහේ මොහොමඩ් නමැති අල්-ජසීරා මාධ්‍යවේදීන් තිදෙනාය. වැරදි පුවත් පළ කිරීම හා තහනමට ලක්ව ඇති මුස්ලිම් සහෝදරත්වයට සහාය පළ කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනුවී තිබිණි.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව ජාත්‍යන්තරය තුළ දැඩි විමතියට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් පවසා ඇත්තේ අධිකරණයකට මෙවැනි තීන්දුවක් දීමට හැකිවූයේ කෙසේද යන්න ඇයට කිසිසේත්ම තේරුම් ගැනීමට නොහැකි බවයි.