2013 වසරේදී ඊජිප්තුවේ පොලීසියකට පහරදීමට චෝදනා ලැබූ මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් 183 දෙනෙකුට පනවනු ලැබූ මරණ දඬුවම් එරට අධිකරණය විසින් තහවුරු කරන ලදී.
පසුගිය අප්‍රේල් මාසයේ පැවති පොදු නඩු විභාගයකදී මුස්ලිම් සහෝදරත්වයේ 683 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි. මේ අතර, තහනම් කෙරුණු කණ්ඩායමේ නායකයා වූ මොහම්මද් බදෙයි ද වෙයි.
හමුදා පාලනයක් ලෙස ක්‍රියාත්මක වන වර්තමාන ඊජිප්තු රජය විසින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ ආකාරයෙන් විශාල පිරිසකට මරණ දඬුවම නියම කරන ලදී.
හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කිරීමත් සමග ඊජිප්තුවේ මුස්ලිම් නැගී සිටීම් දරුණු ලෙස පාලනය කරන අතර, මුස්ලිම් ස්හෝදරත්වය සමග සිටි හිටපු ජනාධිපතිවරයාටද දැවැන්ත විරෝධතාවක් සමග සිය ධුරයෙන් ඉවත්ව සිර කුටියක් පමණක් උරුම විය.