ඉන්දියාවේ, මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියවේ මූල්‍ය අගනගරය ලෙස සැලකෙන මුම්බායි නුවර මහල් 6කින් යුතු මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසුව සිදුවන සෝදිසි මෙහෙයුම් අද (31දා) රාත්‍රිය පුරා සිදුවන බවද ඉන්දීය බලධාරීහු පවසති.
අධික ජනගහනයක් ජීවත්වන බෙන්ඩි බසාර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, කඩා වැටුණු ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් ලෙස විශ්වාස කෙරෙයි.
ගිලන් රථ, ගිනි නිවන රථ මෙන්ම ගිනි නිවන භටයන් හා මුදාගැනීම් කණ්ඩායම් රැසක් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් සිදුකරන බවත්, අධික ගංවතුර තත්ත්වය පහව යමින් පැවති වටපිටාවක මෙම අනතුර සිදුව තිබීමද කැපී පෙනෙයි.