ඉන්දීයව රුපියල් 500 සහ 1000 නෝට්ටු අවංලගු කිරීමට පියවර ගැනීමත් සමග නව නෝට්ටු ලබාගැනීම සඳහා බැංකු පොලිම්වලට අගමැති නරේන්ද්‍ර මෝදිගේ මවද එක්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.
94 වැනි වියෙහි පසුවන හීරාබෙන් නමැති මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මව එරට බැංකුවක් ඉදිරිපිට රු.2000/- නෝට්ටුවක් ප්‍රදර්ශනය කරමින් සිටින ඡායාරූපය ඉන්දීය සමාජජාල වෙබ් අඩවිවල වේගයෙන් පැතිරෙමින් තිබුණි.
මෙම ඡායාරූපය දුටු බොහෝ මෝදි ආධාරකරුවන් පවසා තිබුණේ ඇයද සාමාන්‍ය ජනතාව මෙන් බැංකුවට ගොස් තම පැරණි මුදල් නෝට්ටු ලබාදී නව නෝට්ටු ලබාගැනීම ආදර්ශමත් ක්‍රියාවක් බවයි.
කෙසේ වෙතත්, මුදල් නෝට්ටු අවලංගු කිරීමේ වැඩපිළිවෙළ සමග ඉන්දීය රජය වෙත එල්ල වී ඇති මහජන විරෝධය සමනය කිරීමේ උපක්‍රමයක් ලෙස මෝදි මේ ආකාරයෙන් තම මවද දේශපාලන ප්රචාරණයකට යොදාගෙන ඇති බවට චෝදනාද එල්ල වෙයි.
ඉන්දියාව තුළ නීතිවිරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටින පුද්ගලයන් කොටුකරගැනීම සඳහා මේ ආකාරයෙන් නෝට්ටු දෙකක් අවලංගු කිරීමට ඉන්දීය රජය ක්‍රියාකර තිබුණි.
නමුදු, මේ වනවිට එය බොහෝ ඉන්දියානුවන් කෝප ගැන්වූ සිදුවීමක් වී ඇති අතර, එය දුගීන් තවදුරටත් පීඩාවට පත්කිරීම සඳහා අගමැතිවරයා ප්රමුඛ රජය ගනු ලැබූ අදූරදර්ශී ක්‍රියාවක් ලෙස චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව, පැරණි නෝට්ටු මාරුකර ගැනීමට පැමිණෙන අය සඳහා ලබාදීමට රු.2,000/- නෝට්ටු ප්‍රමාණවත් තරම් බැංකු වෙත නිකුත් කර නොතිබීමෙන් මෙම ආරවුල තවත් උග්‍ර වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.