ලෝක සෞඛ්‍ය සංවිධානයේ හොඳහිත තානාපතිවරයෙකු ලෙස සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පත්කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සභාපතිවරයා නැවත වරක් සලකා බලා තිබේ.
ආචාර්ය ටෙඩ්රෝස් ඇඩ්හැනොම් විසින් මෙම පත්කිරීම සම්න්ධයෙන් ගනු ලැබූ පළමු තීරණයට බලවත් විවේචන එල්ල වීම මීට හේතු වී ඇත.
ප්‍රජා සෞඛ්‍ය නැංවීම වෙනුවෙන් සිම්බාබ්වේ රාජ්‍ය නායකයා ගනු ලැබූ පියවර මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා විසින් ඇගයීමට ලක් කළේය.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ සෞඛ්‍ය ක්ෂේත්රය පිරිහීමකට ලක්ව ඇති බවත්, ප්‍රමාණවත් තරම් ඖෂධ රෝහල් තුළ නොමැති බවත් පවසමින් මෙම නම් කිරීමට එරෙහිව චෝදනා දස දෙසින් පැමිණෙන විට ලෝක සෞඛ්‍ය සංවිධනයේ සභාපතිවරයා තම තීරණය පිළිබඳ නැවත සලකා බැලීමට කටයුතු කර තිබේ.