ඇමෙරිකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් ඊයේ (10දා) ධවල මන්දිරයේදී වත්මන් ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා හමුවිය.
ඔබාමා විසින් නව ජනාධිපති යුවළ වෙත ධවල මන්දිරයට කළ ආරාධනයේදී මෙම හමුව සිදුවූ අතර, වත්මන් ආර්යාව හා අභිනව ආර්යාවගේ හමුව අතිශය පෞද්ගලික විලාසයක් ගෙන තිබුණි.
මෙවර මැතිවරණය පුරා ඔබාමා මෙන්ම මිෂෙල්ගේ සහාය හිලරි ක්ලින්ටන් වෙත හිමිවූ අතර, ඔවුහු ඇයගේ වේදිකාවල ප්‍රධාන කතිකයන් බවටද පත්ව සිටියහ.
කෙසේ වෙතත්, අවසානයේදී ඔබාමා යුවළ මෙන්ම සමස්ත ඇමෙරිකාවම උඩු යටිකුරු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
ට්‍රම්ප්ගේ ජයග්රහණයෙන් පසුව වත්මන් ජනපති ආර්යා මිෂෙල් ඔබාමා ප්‍රසිද්ධියට නොපැමිණි අතර, මෙම හමුව තුළද ඇය මාධ්‍යයෙන් වසන්ව සිටියාය.