ඉතාලියට අත්‍යවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා මාෆියා සාමාජිකයෙකු වසර 23කට පසුව උරුගුවේ හිදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඩ්රැන්ග්හේටා සංවිධානාත්මක අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන රොක්කෝ මොරාබිටෝ උරුගුවේ හි පුන්ටා ඩෙල් එස්ටේ සංචාරක කලාපයේදී මෙසේ අත්අංඩගුවට පත්ව ඇත.
උරුගුවේ පොලීසිය පවසන පරිදි ව්‍යාජ හැඳුනුම්පතකින් වසර 10කට අධික කාලයක් පුරා ඔහු මෙම ප්‍රදේශයේ ජීවත්ව තිබේ.
මිලාන් පුරවරයේ කොකේන් රජු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මොහු දකුණු ඇමෙරිකාවේ සිට ඉතාලිය වෙත මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ප්රබලයෙකු ලෙස සැලකෙයි.
මෙම ඩ්රැන්ග්හේටා සංවිධානාත්මක අපරාධ කල්ලිය ලෝකයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් විශාල කොටසකට හිමිකම් කියන පිරිසක් බවද උරුගුවේ පොලීසිය වැඩිදුරටත් පවසයි.